අනතුරුදායක ලෙස ලොරි රථයක් පදවාගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට දරුණු ලෙස පහරදී, පිහියකින් ඇන තුවාල සිදුකළ රියදුරෙකු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පයාගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම සැකකරු නාගොඩ හන්දියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ගේ නිල ඇඳුම් පවා ඉරා දමා ඇති බව වාර්තා වේ.
පිහි ප්‍රහාරයෙන් එක් නිලධාරියෙකුගේ වම් අත කැපී බරපතල තුවාල සිදුවී ඇති අතර, තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනාම මේ වන විට නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මාර්ග බාධකයේදී සිදුකළ පරීක්ෂාවකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව සිදුව ඇති අතර, සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














