තායිලන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු රුපියල් මිලියන 30කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) අලුයම සිදුකළ විශේෂ පරීක්ෂාවකදී ඔවුන්ගේ අත් ගමන් මලු තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 සහ 37 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් සතුව තිබී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කුෂ් ගංජා සහ හෂිෂ් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත. මූලික විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාර දී තිබේ.














