දරුණු සිවිල් යුද්ධයකින් බැටකන සුඩානයේ කාර්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසර තුනකට පසු යළිත් ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ. පසුගිය ඉරිදා (පෙබරවාරි 01) පෝර්ට් සුඩානයේ සිට මගීන් 160 දෙනෙකු රැගත් ‘සුඩාන් එයාර්වේස්’ යානයක් කාර්ටූම් වෙත ගොඩබස්වන ලදී. 2023 වසරේ යුද්ධය ආරම්භ වූ පසු කාර්ටූම් වෙත පැමිණි දෙවන වාණිජ ගුවන් යානය මෙය වන අතර, මගීන් මහත් ප්‍රීතියෙන් හා සංවේගයෙන් යුතුව එය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සුඩාන අග්‍රාමාත්‍ය ආචාර්ය කමිල් ඉඩ්රිස් (Kamil Idris) විසින් 2026 වසර ‘සාමයේ වසර’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, වසර තුනක පමණ කාලයක් පෝර්ට් සුඩානයේ සිට ක්‍රියාත්මක වූ රජයේ අමාත්‍යාංශ ද යළිත් අගනුවර වන කාර්ටූම් වෙත ගෙන ඒමට තීරණය කර ඇත. ඩ්‍රෝන ප්‍රහාරවල තර්ජනය තවමත් පවතින පසුබිමක, මෙම ගුවන් ගමන් ආරම්භ කිරීම සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ















