පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ අතිශය සූක්ෂ්ම ලෙස භූගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ සහ මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තම නිවස පිටුපස කාමරයක මත්පැන් පෙරීම සිදුකර ඇති අතර, ගෝඩා බැරල් එම කාමරයට පිටුපසින් පොළොව යට වළලා මෝටරයක් ආධාරයෙන් ඒවා පිටතට ගැනීමට සලස්වා තිබූ බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය














