දිවයිනේ ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිවේදනය කරයි. විශේෂයෙන්ම හලාවත සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය (AQI) 100 ඉක්මවා ගොස් ඇති අතර, එය සංවේදී පුද්ගලයන්ට (ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන රෝගීන්) අහිතකර මට්ටමකි.
කෝට්ටේ, කොළොන්නාව, ගාල්ල සහ අනුරාධපුරය යන ප්‍රදේශවල ද වායු දූෂණය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එළිමහනේ රැඳී සිටින කාලය සීමා කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී මුඛ ආවරණ භාවිතා කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.














