අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ඒකකයක ප්‍රධානියා ලෙස කටයුතු කළ ඉරාන නිලධාරියෙකු තම හමුදා විසින් ඝාතනය කළ බව අමෙරිකාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මේ බව අනාවරණය කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය අඟහරුවාදා දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ඉරාන නිලධාරියාව “ලුහුබැඳ ගොස් ඝාතනය කළ” බව පවසා ඇති ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක හේතූන් මත ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකී සිටියේය. 2024 වසරේදී ට්‍රම්ප් බලයට පත්වීමට පෙර ඔහුව ඝාතනය කිරීමට ෆර්හාඩ් ෂකේරි (Farhad Shakeri) නැමැති ඉරාන නියෝජිතයෙකු කුමන්ත්‍රණය කළ බවට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මීට පෙර චෝදනා කර තිබුණි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම චෝදනා අසත්‍ය බව පවසමින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලබයි.
















