දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගුණු ගෝලීය ව්‍යුහය අඛණ්ඩව පැමිණි අර්බුද හමුවේ බිඳවැටෙමින් පවතින බවත්, පැරණි ජාත්‍යන්තර ක්‍රමවේද නැවත කිසිදා ක්‍රියාත්මක නොවනු ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසයි. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතමින් ඔහු අවධාරණය කළේ, මහා බලවතුන්ගේ අණසකට යටත් නොවී තීරණාත්මක ඛනිජ, ආරක්ෂක සහ AI තාක්ෂණය වැනි අංශවලින් කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් “මූලෝපායික සහෝදරයන්” ලෙස එක්ව නැගී සිටිය යුතු බවයි.
වර්තමාන ලෝකයේ පවතින අස්ථාවරත්වය හමුවේ මධ්‍යම ප්‍රමාණයේ බලයක් සහිත රටවල් (Middle Powers) එකමුතු වී නව ගෝලීය දේශපාලන රටාවක් නිර්මාණය කිරීමට පෙරමුණ ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














