ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව එළඹෙන මාර්තු 10 වන දින ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සෑම වසර 10කට වරක්වත් මෙවැනි ජාතික මට්ටමේ සමීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය වන අතර, මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක දත්ත රැස්කිරීම මෙහි මූලික අරමුණයි.
ලබන නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වන මෙම සමීක්ෂණය යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාසල් සිසුන් සහ වැඩිහිටි වයස් කාණ්ඩ පරීක්ෂාවට ලක් කෙරේ. මෙමගින් ලබාගන්නා දත්ත පද්ධතිය හරහා ඉදිරි දශකය සඳහා මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් සැලසුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.














