ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සහ දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු අවධාරණය කරන්නේ ඉරානයට නැවත කිසිදු දිනක න්‍යෂ්ටික බලයක් ගොඩනැගීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා වන ඔවුන්ගේ හැකියාවන් මේ වන විටත් විනාශ කර අවසන් බවත්ය.
ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ හෝ එවැනි බලයක් අත්කර ගැනීමේ ඕනෑම උත්සාහයක් ඇමෙරිකාව විසින් සහමුලින්ම වළක්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉරානයේ යුදමය සහ තාක්ෂණික ව්‍යුහය මේ වන විටත් බිඳ දමා ඇති බව පවසන ට්‍රම්ප් මහතා, ඔවුන්ට නැවත හිස එසවීමට ඉඩ නොතබන බවට සපථ කර සිටියි.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වතාවරණය සහ ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යයේ මෙම ප්‍රකාශය නිකුත් වීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ඉදිරි යුදමය ස්වරූපය තවදුරටත් සංකීර්ණ වනු ඇතැයි යුද විශේෂඥයෝ අනාවැකි පළ කරති.














