ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කිරීම සඳහා සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගොස් තිබේ. එහිදී ඒ මහතා අභාවප්‍රාප්ත නායකයා වෙනුවෙන් සිය අවසන් ගෞරවය පුද කර ඇත.
මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙන්නේ අයතුල්ලා අල් කමේනි යනු ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු වූ බවයි. විශේෂයෙන්ම මෙරට පැවති තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම සඳහා ඔහු දැක්වූ දායකත්වය සහ සහයෝගය ඒ මහතා එහිදී ගෞරවයෙන් සිහිපත් කර තිබේ.
අල් කමේනි උතුමාණන් ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු බව අවධාරණය කළ දිලිත් ජයවීර මහතා, එතුමාගේ අභාවය පිළිබඳව සිය බලවත් කණගාටුව පළ කරමින් ඒ උදෙසා ස්වර්ග සුවය ප්‍රාර්ථනා කරන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.














