පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු සුපිරි නායක සර්ෆ්රාස් අහමඩ් පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉදිරි මාස 5ක කාලසීමාව වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයෙකු මෙලෙස පුහුණුකරු ධුරයට පිවිසීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
නව පුහුණුකරු ලෙස සර්ෆ්රාස් අහමඩ් මුහුණ දෙන පළමු අභියෝගය වන්නේ එළඹෙන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියයි. ඒ සඳහා පාකිස්තාන කණ්ඩායම සූදානම් කිරීමේ වගකීම ඔහු වෙත පැවරී ඇත.
දැනට 38 හැවිරිදි වියේ පසුවන සර්ෆ්රාස් අහමඩ්, 2017 වසරේදී පාකිස්තානයට අයි.සී.සී. චැම්පියන්ස් කුසලානය (Champions Trophy) දිනා දීමට නායකත්වය දුන් ක්‍රීඩකයායි. ඔහුගේ අත්දැකීම් පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ දක්ෂතා ඉහළ නැංවීමට මහෝපකාරී වනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරයි.














