අමෙරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය එක්ව ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උත්සාහ කළහොත්, ඊශ්‍රායලයේ පිහිටි ‘ඩිමෝනා’ (Dimona) න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ඉරාන හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් එරට අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ISNA පුවත් සේවය ඊයේ (04) මේ බව වාර්තා කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, මෙය කලාපීය න්‍යෂ්ටික අනතුරක් දක්වා වර්ධනය විය හැකි බවට විදේශ පුවත් සේවා පෙන්වා දෙයි. තම රටේ ස්වෛරීභාවයට හෝ දේශපාලන ස්ථාවරත්වයට එරෙහිව එල්ල වන ඕනෑම බාහිර මැදිහත්වීමකට ඉතා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානය මෙහිදී අවධාරණය කර ඇත.














