සමුපකාර පනත මේ වසරේදීම සංශෝධනය කර සම්මත කරගැනීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. සමුපකාර නීතිය සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට කැබිනට් අනුකමිටුවක් හරහා සිදු වන අතර බැංකු සහ සමුපකාර පනත් කෙටුම්පත්හි මූලික සැකසුම් කටයුතු ද අවසන් වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සමුපකාර ව්‍යාපාරය හා එහි සාමාජිකයන් ආරක්ෂා කරගනිමින් ව්‍යාපාරය ශක්තිමත් කිරීම මෙම පනත් සංශෝධනයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සමුපකාර අංශයන්හි පවතින විෂමතා ඉවත් කිරීමත්, ඇතැම් පළාත් සභා අතුරු ව්‍යවස්ථා හරහා සාමාජිකයන්ට ඇති වී තිබෙන බරපතළ ගැටලු නිරාකරණය කිරීමත් මෙම නව සංශෝධනය මගින් අපේක්ෂා කෙරේ. දැනට විමර්ශනයට ලක්වෙමින් පවතින මෙම කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














