අභ්‍යන්තර ආරක්ෂක ලේකම් ධුරයෙන් ක්‍රිස්ටි නෝම්ව ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් හදිසි තීරණයට හේතුව ඇය සිය සමීපතම නිලධාරියා වන කෝරි ලෙවන්ඩොව්ස්කි සමඟ පවතින බව කියන ප්‍රේම සම්බන්ධය ගැන ලබා දුන් පිළිතුර බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. පසුගියදා පැවති සභා විභාගයකදී එම සම්බන්ධය පිළිබඳව නැඟුණු සෘජු ප්‍රශ්නයකට ඇය ලබා දුන් අපැහැදිලි පිළිතුර ට්‍රම්ප්ව දැඩි සේ කෝපයට පත් කළ “අවසාන පිදුරු ගස” (Final Straw) වී ඇති බව ධවල මන්දිර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මීට අමතරව තමන් රඟපාන රූපවාහිනී දැන්වීම් සඳහා ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 220ක් අනුමත කළ බවට ඇය මීට පෙර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ට්‍රම්ප් සිට ඇත්තේ දැඩි අසතුටකිනි. මේ අතර ලෙවන්ඩොව්ස්කි පිළිබඳව තවත් බරපතළ චෝදනාවක් එල්ල වී ඇති අතර, ඉකුත් වසරේ රජයේ ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ඔහු අනවසරයෙන් නියමු කුටියට ඇතුළු වී ක්‍රිස්ටි නෝම්ගේ ඇතිරිල්ලක් (Blanket) නැති වීම සම්බන්ධයෙන් නියමුවාට දොස් පවරා සේවයෙන් ඉවත් කර ඇති බව ද වාර්තා වේ. මෙම සියලු කරුණු හමුවේ ඇයගේ තනතුර අහිමි වූ අතර ඇය වෙනුවට මාර්ක්වේන් මුලින් පත් කිරීමට ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
















