ඇමරිකානු නීතිපතිනි පැම් බොන්ඩි විසින් ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ ලිොනු (Epstein Files) හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගොනු කිරීමට ඩිමොක්‍රටික් සභික ශ්‍රී තනේදර් පියවර ගෙන තිබේ. ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ වාර්තා මිලියන ගණනක් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ යුක්තිය පසිඳලීමට බාධා කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධිකරණ දෙපාර්තමේන්තුව දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අවියක් ලෙස භාවිතා කිරීම සහ කොංග්‍රස් මණ්ඩලයේ නියෝග නොසලකා හැරීම සම්බන්ධයෙන් ද ඇයට මෙහිදී චෝදනා එල්ල වී ඇත. මෙම ලිොනු නිදහස් නොකිරීම අපරාධවලින් බේරුණු වින්දිතයන්ට කරන අපහාසයක් බව පෙන්වා දෙන ශ්‍රී තනේදර්, මීට පෙර ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඉවත් කිරීමට ද මෙවැනිම උත්සාහයක නිරත විය. කොංග්‍රස් මණ්ඩල සෝදිසි කමිටුව විසින් නීතිපතිනියට සාක්ෂි දීම සඳහා සිතාසි නිකුත් කර ඇති අතර ඇයගේ තනතුර මෙලෙස අනතුරේ වැටී ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය තුළ සිදුවන දේශපාලන ගැටුම් තීව්‍ර වෙමින් පවතින පසුබිමක ය.














