ඉරානයට නව උත්තරීතර නායකයෙකු අවශ්‍ය නම්, ඒ කවුරුන්දැයි තීරණය කිරීමේ බලය තමන් සතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ. ඝාතනයට ලක්වූ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ පුත් 56 හැවිරිදි මොජ්ටාබා කමේනී එම ධුරයට පත් කර ගැනීමට ඉරානය සූදානම් වන පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝව ධුරයෙන් ඉවත් කළ ආකාරය උදාහරණයට ගනිමින් ට්‍රම්ප් පෙන්වා දුන්නේ, තමන්ට අවශ්‍ය පරිදි ඕනෑම රටක නායකත්වයන් වෙනස් කිරීමේ හැකියාව පවතින බවයි. “මා මදුරෝට කැමති නැති නිසා ඔහුව ඉවත් කළා. දැන් එහි වැඩ බලන ඩෙල්සි රොඩ්රීගස් සමඟ මට ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ ඉරානයේ උත්තරීතර නායකයා කවුරුන් විය යුතුදැයි තීරණය කරන්නේ මම” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ දේශපාලන උණුසුම තවදුරටත් තීව්‍ර වී ඇත.














