ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර ගනිමින් ඇමරිකානු හමුදා විසින් සෑම පැයකට වරක්ම ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේ පැවති උත්සවයක් අතරතුර අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉරානයේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රධානියා ද පවසා ඇත්තේ සිය රට මේ වන විට යුද්ධයේ ඊළඟ තීරණාත්මක අදියර වෙත ගමන් කරමින් සිටින බවයි. කලාපය තුළ පවතින මෙම දැඩි යුදමය උණුසුම හමුවේ ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය සිය මෙහෙයුම් තවදුරටත් දැඩි කරමින් සිටින බව පෙනී යයි.














