ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය, එරට හමුදාව සහ පොලීසිය වහාම අවි බිම තබා යටත් විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (06) විශේෂ අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කළේය. ධවල මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ, යටත් වන පිරිස්වල ආරක්ෂාව තමන් සහතික කරන නමුත් සටන් කිරීමට උත්සාහ කරන්නන්ට නියත මරණයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.
“මම ඉරාන ආරක්ෂක අංශවල සියලුම සාමාජිකයින්ට පවසන්නේ අවි බිම තබන ලෙසයි. එවිට ඔබ සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. නමුත් ඔබ එසේ නොකළහොත් ඔබට මරණයට මුහුණ දීමට සිදුවනු ඇත. මට එය දැකීමට අවශ්‍ය නැහැ” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය. ඉරානයට එරෙහිව ඇමරිකාව සිය හමුදාමය මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක මෙම ප්‍රකාශය ලෝක දේශපාලන කරළිය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
















