ඇමරිකානු හමුදා විසින් ක්‍රියාත්මක කරන “Operation Epic Fury” මෙහෙයුමේ 6 වැනි දිනය වන විට ඉරානය එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් සහ ඩ්‍රෝන ප්‍රහාර 83% කින් පහත වැටී ඇති බව ඇමරිකානු මධ්‍යම බලකාය (CENTCOM) ප්‍රකාශ කරයි. පසුගිය පැය 72 තුළ පමණක් ඉරානය අභ්‍යන්තරයේ ඉලක්ක 200 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ටෙහෙරාන් අගනුවර ආසන්නයේ භූගතව සඟවා තිබූ මිසයිල පද්ධති විනාශ කිරීමට ඇමරිකානු B-2 බෝම්බ හෙලන යානා සමත්ව තිබේ.
අද්මිරාල් බ්‍රැඩ් කූපර් පෙන්වා දෙන්නේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අයත් නෞකා 30 ක් පමණ මේ වන විට විනාශ කර ඇති බවයි. ඉරාන හමුදා සිවිල් ජනාවාස, පාසල් සහ රෝහල් තුළ සැඟවී සිටින බවට චෝදනා කරන ඇමරිකාව, ඉරාන වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ. ඉරාන නාවික සහ මිසයිල බලය මුළුමනින්ම අඩපණ කරන තෙක් මෙම ප්‍රබල මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව CENTCOM වැඩිදුරටත් අවධාරණය කළේය.














