ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින පසුබිමක, ඉදිරි දිනවලදී ඉරානය තුළට ගොඩබිම් ප්‍රහාර එල්ල වන්නේ කාගේ පාර්ශවයෙන්ද යන්න ගැන දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. එහිදී ඇමරිකානු හමුදාවන්ට පෙර, ඉරාකයේ රැඳී සිටින ඉරාන කුර්දි විරුද්ධවාදී කණ්ඩායම් ඉරාන දේශසීමා හරහා ඇතුළු වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.
වසර 47ක් තිස්සේ ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවට එරෙහිව සටන් කිරීමට තමන් සූදානමින් සිටින බව කුර්දි නිදහස් පක්ෂය (PAK) පවසනවා. “පෙෂ්මර්ගා” (Peshmerga) හෙවත් “මරණයට මුහුණ දෙන්නන්” ලෙස හැඳින්වෙන මෙම සටන්කාමීන්, ඉරාන දේශසීමා ආසන්නයේ සිටියද මෙතෙක් තම සටන්කාමීන් දේශසීමා ඉක්මවා නොගිය බව අවධාරණය කරනවා. මැදපෙරදිග අර්බුදය තවදුරටත් උත්සන්න වුවහොත් මෙම කුර්දි සටන්කාමීන්ගේ භූමිකාව යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇති බව විචාරකයින් පෙන්වා දෙයි.














