ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයේ මිලිටරි සහ උපායමාර්ගික ඉලක්ක සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි. ‘Operation Epic Fury’ මෙහෙයුම යටතේ ඉරානයේ නාවික හමුදාව, මිසයිල පද්ධති සහ නායකත්වය ඉලක්ක කර ගනිමින් මෙම දැවැන්ත ප්‍රහාර දියත් කරන බව ඔහු අවධාරණය කළා.
ඉරාන රජය වසර 47ක් පුරා ඇමරිකාවට සහ ලෝකයට එරෙහිව භීෂණය වපුරමින් සිටින බවත්, එම පාලන තන්ත්‍රය අහිංසක ඉරාන ජනතාවට ද දැඩි හානි සිදුකර ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියා. එසේම, යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති තෙල් මිල පාලනය කිරීමට තමා සතුව විශේෂ සැලසුමක් පවතින බවත්, මෙම මෙහෙයුම අවසන් වූ පසු තෙල් මිල පෙර පැවති මට්ටමටත් වඩා පහත වැටෙනු ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා. යුද්ධය අතරතුර තෙල් නැව්වලට ආරක්ෂාව සැපයීමට ඇමරිකානු නාවික හමුදාව යොදවන බව ද ඔහු මෙහිදී සහතික වුණා.














