ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. රට පත්ව ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් එය මුදාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහයෝගය ලබාගන්නා ලෙස ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
“අපිට ඕන වෙලාවක එන්න කියන්න, ඔබතුමාට රට බේරගන්න සහයෝගය දෙන්න අපි සූදානම්” යනුවෙන් පවසන ඔහු, වත්මන් ජනාධිපතිවරයා මෙම කර්තව්‍යයේදී අසාර්ථක වී ඇති බවත්, ඔහුට මෙය තනිවම කළ නොහැකි බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.














