ලෙබනනය තුළ දරුණු ගැටුම් පවතින ප්‍රදේශවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. මැදපෙරදිග කලාපය පුරා යුද ගින්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
පසුගිය පැය කිහිපය තුළ කලාපීය ආරක්ෂාව දැඩි ලෙස පිරිහී ඇති අතර, අමෙරිකානු හමුදා ප්‍රහාර සහ ඩ්‍රෝන ක්‍රියාකාරකම් හේතුවෙන් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත. ලෙබනනයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයන්ට ද තානාපති කාර්යාලය සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන ලෙසත්, ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දී තිබේ.














