ප්‍රකට රූපවාහිනී නිවේදිකා සවානා ගුත්‍රීගේ (Savannah Guthrie) 84 හැවිරිදි මව වන නන්සි ගුත්‍රී අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පීමා කවුන්ටි ෂෙරිෆ් ක්‍රිස් නැනෝස් (Chris Nanos) මේ වන විට මහජන දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා. පසුගිය පෙබරවාරි 1 වැනිදා ඇය ඇරිසෝනාහි ටක්සන් (Tucson) නගරයේ පිහිටි සිය නිවසින් අතුරුදන් වූ අතර, ඇයව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන්නට ඇති බවටයි බලධාරීන් විශ්වාස කරන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලූක් ඩේලි (Luke Daley) ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කිරීමට ෂෙරිෆ්වරයා ගත් තීරණය පිළිබඳව පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් දැඩි කනස්සල්ල පළ කරනවා. ලූක් ඩේලිගේ නිවස විශේෂ පොලිස් මෙහෙයුමකින් (SWAT raid) පරීක්ෂා කිරීමෙන් පසු ඔහුව මෙලෙස නිදහස් කිරීම සහ පරීක්ෂණවල පවතින මන්දගාමී ස්වභාවය විවේචනයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මීට අමතරව, අතුරුදන් වූවන් සෙවීමේ විශේෂඥ දැනුමක් සහිත ‘කේජුන් නේවි’ (Cajun Navy) ස්වේච්ඡා කණ්ඩායමේ සහාය ලබා ගැනීමට ෂෙරිෆ්වරයා මෙතෙක් අනුමැතිය ලබා නොදීම ද දැඩි කතාබහට ලක්වන්නක්. පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් පවසන්නේ පරීක්ෂණ සඳහා ඕනෑම පාර්ශ්වයක සහාය ලබා ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි. එෆ්.බී.අයි (FBI) ආයතනය ද මෙම පරීක්ෂණ සඳහා සහාය වන නමුත් තවමත් නන්සි ගුත්‍රී පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.













