යාපනය ගුරුනගර් තොටුපොළේදී වන්දනාකරුවන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අද (06) පෙරවරුවේ දරුණු අනතුරක් සිදුව තිබේ. වාර්ෂික පාලෙයිතිව් දේවස්ථාන මංගල්‍ය උත්සවය සඳහා වන්දනාකරුවන් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
බෝට්ටුව පෙරළීමත් සමඟ එහි සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු දියේ ගිලී ඇති අතර, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව ඔවුන් බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී. අනතුරට පත් වූ පිරිස සහ ඔවුන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට යොමු කර තිබේ.














