සමාජ මාධ්‍ය ජාලාවල පළකරන ඡායාරූප අවභාවිත කරමින් කාන්තාවන් සහ ළමයින් අපහසුතාවයට පත් කිරීම, බ්ලැක්මේල් කිරීම සහ කප්පම් ගැනීම් සිදුකිරීමේ බරපතල ප්‍රවණතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි. මෙය වර්තමානයේ වර්ධනය වෙමින් පවතින සමාජීය ගැටලුවක් බව පෙන්වා දෙන අමාත්‍යවරිය, පුද්ගලික ඡායාරූප විකෘති කරමින් හෝ ඒවා යොදා ගනිමින් කාන්තාවන් සහ ළමයින් බියගන්වා මුදල් ලබාගැනීමේ ජාලයන් ක්‍රියාත්මක වන බවට අවධාරණය කළාය. පවතින උණුසුම් මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙවැනි සමාජීය අපරාධ කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, සමාජ මාධ්‍ය භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් විශේෂයෙන්ම ළමයින්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන් නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














