අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවත් සමඟ ආරම්භ වූ මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් මේ වන විට දරුවන් 200 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිවේදනය කරයි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව ජීවිතක්ෂයට පත් වූ දරුවන් පිළිබඳ සංඛ්‍යාලේඛන මෙසේය. ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් දරුවන් 181 දෙනෙකු මියගොස් ඇති අතර ලෙබනනයෙන් දරුවන් 7 දෙනෙකුගේ මරණ වාර්තා වී තිබේ. මීට අමතරව ඊශ්‍රායලයේ දරුවන් තිදෙනෙකු සහ කුවේටයේ එක් දරුවෙකු ද මෙම ගැටුම් හේතුවෙන් මියගොස් ඇත.
ළමයින් කිසිදු විටක යුද්ධ ආරම්භ නොකරන නමුත් යුද්ධයකදී වැඩිම බලපෑමකට ලක්වන්නේ ඔවුන් බව UNICEF සංවිධානය පෙන්වා දෙයි. වර්ධනය වෙමින් පවතින මෙම යුදමය තත්ත්වය මැදපෙරදිග කලාපයේ දරුවන්ගේ ජීවිතවලට සහ අනාගතයට විශාල තර්ජනයක් එල්ල කර ඇති බව ද එම අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.














