පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ආරම්භ වූ යුදමය වාතාවරණය හේතුවෙන් රුසියානු බොරතෙල් සහ බලශක්ති නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ ගොස් ඇති බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මහතා ප්‍රකාශ කළේය.
ඔහු දැක්වූ අදහස්වල සාරාංශය මෙසේය. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ රුසියාව සැමවිටම විශ්වාසවන්ත බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, ඕනෑම ගැනුම්කරුවෙකුට ගිවිසුම් ප්‍රකාරව තෙල් සහ ගෑස් ලබා දීමට රුසියාව සූදානම් බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම චීනය සහ ඉන්දියාව වැනි රටවල් සිය රටවල යහපත උදෙසා රුසියාව සමඟ පවතින බලශක්ති සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද ඔහු සඳහන් කළේය.
විශේෂිත කරුණක් වන්නේ, රුසියානු බොරතෙල් මිලදී ගැනීමට එළඹෙන අප්‍රේල් මස 4 වැනිදා දක්වා අමෙරිකාව අවස්ථාව ලබා දී තිබීමයි. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හමුවේ ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට රුසියාව කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බව මෙම ප්‍රකාශයෙන් තහවුරු වේ.














