හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සම්බන්ධ නෛතික කටයුතුවලදී රජය දෙපියවරක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, නෛතික ක්‍රියාවලියකින් පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර අධි චෝදනා භාර දුන් බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය. එහෙත් අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ඉදිරිපත් කර තිබියදී, ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීම හෝ නොදීම පිළිබඳ තීරණයක් ගැනීමට පෙර සෘජුවම අධි චෝදනා භාරදීමට කටයුතු කිරීම ගැටලුසහගත බව ඔහු පැවසීය.
මෙලෙස පුද්ගලයින් දෙදෙනෙකුට නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කිරීම නීතියේ ආධිපත්‍යයට එකඟ දැයි මන්ත්‍රීවරයා රජයෙන් ප්‍රශ්න කළේය. කුමාර ජයකොඩි අමාත්‍යවරයාට ද අධි චෝදනා භාරදීමට පෙර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.















