ප්‍රවීණ නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාගේ පනස් වසරක (50) කලා දිවිය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ උපහාර උත්සවයක් කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. කැස්බෑව ප්‍රදේශයේ කලාකරුවන්ගෙන් සැදුම්ලත් ‘කැස්බියන්ස්’ කලා සංසදය විසින් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි.
මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ට නිර්මාණ රැසක් දායාද කළ ඩග්ලස් සිරිවර්ධන මහතා, සිනමාව සහ ටෙලි නාට්‍ය කලාවට නවක නළු නිළියන් රැසක් හඳුන්වා දීමට ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකි. ඔහුගේ එම දීර්ඝකාලීන කලා මෙහෙවර අගයමින් පවත්වන ලද මෙම උත්සවය සඳහා ප්‍රදේශයේ කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.














