දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා රජය පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786.18 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ප්‍රවීණ ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ මහත්මිය ඇතුළු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් මෙම පරිත්‍යාගයට අදාළ චෙක්පත පසුගියදා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාවට නිම්මි ද සොයිසා, සුනිල් ගුණවර්ධන, නිලූකා සහ කයිල් අබේසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වී සිටියහ. රට වැටී ඇති දුෂ්කර අවස්ථාවේදී මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් මෙලෙස මානුෂීය මෙහෙවරට එක්වීම සුවිශේෂී කරුණකි.














