ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන එක්ව සංවිධානය කරන ලද 15 වන වාර්ෂික ප්‍රදර්ශනය කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) අද (06) ආරම්භ විය. මෙරට ඇඟලුම් කර්මාන්තයේ නව ප්‍රවණතා සහ තාක්ෂණය ප්‍රදර්ශනය කිරීම මෙහි මූලික අරමුණයි.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත කෙරිණි. දේශීය හා විදේශීය නිෂ්පාදකයින් රැසක් සිය නිෂ්පාදන මෙහිදී ඉදිරිපත් කරන අතර, ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට සහ ව්‍යවසායකයින්ට නව සබඳතා ගොඩනගා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. මෙම ප්‍රදර්ශනය හෙට දිනය පුරා ද මහජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් විවෘතව පවතී.














