ශ්‍රී ලංකා නාවික හමුදාවේ මානුෂීය මැදිහත්වීම මත අනතුරට පත් ‘IRIS Dena’ ඉරාන යුද නෞකාවේ සිට බේරාගත් නාවිකයින්ගෙන් 21 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, තවත් නාවිකයින් 11 දෙනෙකු තවමත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය සහ මුහුදු සීමාවන්හි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් මධ්‍යයේ අනතුරට පත් වූ මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. සුවය ලැබූ නාවිකයින් 21 දෙනා මේ වන විට ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින අතර, රෝහල්ගතව සිටින පිරිසගේ තත්ත්වය ද යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් බලධාරීහු පවසති.
ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද මෙම මානුෂීය මෙහෙයුම ඉරාන රජයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද ඇගයීමට ලක්ව තිබේ. ගෝලීය දේශපාලන අර්බුද හමුවේ වුවද, මුහුදේදී අසරණ වන ඕනෑම ජාතිකයෙකුට පිහිට වීමේ ජාත්‍යන්තර සම්මුතීන් ශ්‍රී ලංකාව අකුරටම ඉටු කරන බව මෙමගින් යළිත් තහවුරු විය.
















