හොරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට හලාවත මහාධිකරණය විසින් ඊයේ (06) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී. හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ හොරොයින් ග්‍රෑම් 35.474ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව තීරණය කරමිනි.
අධිකරණ වාර්තාවලට අනුව, මොහු 2020 ඔක්තෝබර් 11 වැනි දින හලාවත අධිකරණ බල ප්‍රදේශයට අයත් කිරිමැටියාන වත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ මෙම මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන තිබුණි. මෙම සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා හතරක් ගොනු කර තිබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරිය විසින් මෙම මාරාන්තික දඬුවම නියම කරන ලදී.















