මෙවර ලෝක කම්කරු දින සැමරුම වෙනුවෙන් මැයි පෙළපාලියක් හෝ රැලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කර තිබේ. පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව පක්ෂ විධායක සභාව මීට සුළු මොහොතකට පෙර මෙම තීරණය ගෙන ඇත.
මැයි මස 01 වැනිදාට පෝය දිනයක් යෙදී තිබීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව, එදින පෙළපාලි පැවැත්වීම වෙනුවට සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම බෝධි පූජා පවත්වා කම්කරු ජනතාවට සෙත් පැතීමට පක්ෂය සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුව අසලදී ලෝක කම්කරු දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක් පවත්වන බව ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.














