ඉරානයේ දකුණුදිග වරාය නගරයක් වන බන්ඩර් අබ්බාස් (Bandar Abbas) නගරය ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 4.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (07) සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම භූ කම්පනය අබ්බාස් නගරයට කිලෝමීටර් 74ක් පමණ බටහිර දෙසින් වූ ප්‍රදේශයේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇත.
මීට දින කිහිපයකට පෙර ද ඉරානයේ මෙවැනිම රික්ටර් මාපක ඒකක 4.3ක භූ කම්පනයක් වාර්තා වූ අතර, මෙම නවතම කම්පනයත් සමඟ ප්‍රදේශයේ ජනතාව යම් නොසන්සුන්තාවයකට පත්ව ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල වාර්තාවක් පළ වී නොමැත.
ඉරානය භූ තැටි කිහිපයක් එකිනෙක හමුවන කලාපයක පිහිටා තිබීම හේතුවෙන් මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් සිදුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පවතින යුදමය වාතාවරණය හමුවේ මෙවැනි ස්වභාවික විපත් ද සිදු වීම සහන සේවා කටයුතුවලට අභියෝගයක් විය හැකි බව ද විචාරකයෝ පවසති.














