ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දාමෝ (Damoh) දිස්ත්‍රික්කයේ සමන්නා ගම්මානයේදී අතිශය කෲර ඝාතනයක් වාර්තා වී තිබේ. සිය බිරිඳ ඝාතනය කිරීමේ වරදට සිරදඬුවම් විඳ පසුගිය ජනවාරි මාසයේදී නිදහස් වූ 46 හැවිරිදි ගුඩ්ඩා පටෙල් නැමැත්තෙකු, 16 හැවිරිදි පිරිමි දරුවෙකු යකඩ පොල්ලකින් සහ මිටියකින් පහර දී ඝාතනය කර ඇත.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, ඔවුන් සිද්ධිය වූ ස්ථානයට යන විට සැකකරු මියගිය දරුවාගේ හිසෙන් මස් කොටස් අනුභව කරමින් සහ දෑත්වලින් ලේ බොමින් සිට ඇති බව වාර්තා වේ. සිය සොහොයුරිය බැලීමට පැමිණ ආපසු යමින් සිටි මෙම දරුවාට සැකකරු හදිසියේම පහර දී ඇති අතර, ගම්වැසියන් ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරු මිටියක් පෙන්වා ඔවුන්ට ද තර්ජනය කර තිබේ.
අවසානයේ ගම්වැසියන් විසින් ගල් ප්‍රහාර එල්ල කරමින් සැකකරුව කුඹුරු යායක් මැදට පලවා හැර ඇති අතර, පොලිසිය පැමිණ පැයක පමණ මෙහෙයුමකින් පසු ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. මෙම බිහිසුණු ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.














