ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයට එරෙහිව ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට අද දින තර්ජනය කර තිබේ. ඉරානය සිය මැද පෙරදිග අසල්වැසි රටවල් හමුවේ යටත් වී සමාව අයැද ඇති බවත් තවදුරටත් එම රටවලට ප්‍රහාර එල්ල නොකරන බවට පොරොන්දු වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද නොකඩවා වූ ප්‍රහාර හමුවේ ඉරානය මෙම තීරණයට එළඹි බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කෙසේ වෙතත් ඉරාන නායක පෙසෙෂ්කියන් වීඩියෝ පණිවිඩයක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහිව අදාළ රටවලින් ප්‍රහාර එල්ල නොවන තාක් කල් පමණක් අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය තීරණය කර ඇති බවයි. මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා ඇත්තේ ඉරානයට එල්ල වන ප්‍රහාර දිගටම පැවතුනහොත් ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා කඳවුරු ප්‍රධාන ඉලක්ක ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බවයි.
මෙම උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ අද දින තවත් ප්‍රහාර මාලාවක් දියත් කරන බව පවසන ට්‍රම්ප් ඉරානයේ අයහපත් හැසිරීම හේතුවෙන් මීට පෙර ඉලක්ක කිරීමට පවා නොසිතූ ප්‍රදේශ සහ කණ්ඩායම් මේ වන විට තම දැඩි අවධානයට ලක්ව ඇති බවත් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ තර්ජනයට ලක්ව ඇති බවත් සිය පණිවිඩයේ සටහන් කර ඇත.














