මධ්‍යම පෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ගමනාගමනයට එල්ල වී ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් කුවේටය සිය අමු තෙල් නිෂ්පාදනය සහ පිරිපහදු කිරීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබේ. කුවේට් පෙට්‍රෝලියම් කෝපරේෂන් (KPC) ආයතනය සඳහන් කරන්නේ පවතින ආරක්ෂක අවදානම් කළමනාකරණය කිරීමේ පූර්වාරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල කර ඇති පසුබිමක කුවේටයේ මෙම තීරණය ලෝක වෙළෙඳපොළේ අවධානයට ලක්ව ඇත.
කෙසේ වෙතත්, මෙම නිෂ්පාදන සීමා කිරීම් හමුවේ වුවද කුවේටයේ දේශීය වෙළෙඳපොළ ඉන්ධන අවශ්‍යතා කිසිදු බාධාවකින් තොරව සපුරාලීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව එම ආයතනය අවධාරණය කරයි. කලාපීය ආරක්ෂක තත්ත්වය යහපත් වූ වහාම නිෂ්පාදන මට්ටම් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පූර්ණ සූදානමින් සිටින බවත්, පවතින වාතාවරණය අනුව ඉදිරියේදී මෙම තීරණය යළි සමාලෝචනය කරන බවත් කුවේට් රජය වැඩිදුරටත් පෙන්වා දෙයි.














