ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1977 වර්ෂයේදී මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර, එතැන් සිට ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් මෙම දිනය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.
මෙවර ශ්‍රී ලංකාවේ කාන්තා දින සැමරුම “පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග” යන තේමාව යටතේ පැවැත්වේ. මෙයට සමගාමීව අද දිනය පුරා ජාතික, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ උපහාර පිදීමේ විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර ඇත.














