නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල සෙනසුරාදා දින ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් ඉරාන ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ මෙම පිපිරීම සිදුවීම හේතුවෙන් මෙය එල්ල කරන ලද ප්‍රහාරයක් දැයි දැඩි බියක් සහ සැකයක් මතුව තිබේ.
නෝර්වේ පොලිසිය මෙම පිපිරීම පිළිබඳ පුවත තහවුරු කර ඇති අතර ඒ පිළිබඳව අමෙරිකානු තානාපති කාර්යාලය සමග නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බව දන්වා ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බව ඒජන්සි ෆ්‍රාන්ස් ප්‍රෙස් (AFP) පුවත් සේවය වාර්තා කරයි.
පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් මෙය අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාරයක් විය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවෙමින් පවතී. ආරක්ෂක අංශ වහාම එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද අන්තර්ජාලයට මුදා හැර ඇත. මෙම සිදුවීම සහ ඉරානය අතර සෘජු සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බව බලධාරීහු පවසති.














