දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුකළ වැටලීම්වලදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය (Crystal Meth) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කුරුණෑගල සහ පාදුක්ක ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.
කුරුණෑගල, තිත්තවැල්ල ඇලස්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 126යි මිලිග්‍රෑම් 500ක් සමග 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාස්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කුරුණෑගල පොලිසිය විසින් ඉදිරි විමර්ශන පවත්වනු ලබයි.
මීට අමතරව පාදුක්ක, උඩුමුල්ල හන්දියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 420ක් සමග 37 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 325,000ක මුදලක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ පාදුක්ක පොලිසිය එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














