“දිට්වා” (Diwah) සුළි කුණාටුවේ බලපෑමෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති උඩරට දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්‍රාමික දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු ප්‍රවීණ නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙස උඩරට දුම්රිය මගීහු රජයෙන් ඉල්ලා සිටිති. මාස තුනකට අධික කාලයක් තිස්සේ උඩරට දුම්රිය සේවාව අඩාල වීම හේතුවෙන් ජන ජීවිතයට සහ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදු කර ඇත.
මගීන් පෙන්වා දෙන්නේ උඩරට දුම්රිය මාර්ගයෙන් 80%ක් පමණ දැනටමත් විනාශ වී ඇති බවත්, නානුඔය සහ උලපනේ වැනි ස්ථානවල දුම්රිය කිහිපයක් මාස තුනක සිට සිරවී පවතින බවත්ය. වත්මන් සේවකයන් උපරිම කැපවීමෙන් කටයුතු කළද, ප්‍රතිසංස්කරණ කටයුතු මන්දගාමී බැවින් අත්දැකීම් බහුල විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරුන්, ඉංජිනේරුවන් සහ රියදුරන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කමිටුවක් පත් කිරීම හරහා මෙම විනාශය වළක්වා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. දැනට දුම්රිය ධාවනය වන්නේ අඹේවෙල සිට බදුල්ල දක්වා සහ නාවලපිටිය සිට හැටන් දක්වා වූ කොටස්වල පමණි.














