අද (08) අහමදාබාත්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දියාව සහ නවසීලන්තය අතර තීරණාත්මක විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා කාලගුණයෙන් බාධාවක් එල්ල වේද යන්න පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) නවතම වාර්තාවලට අනුව, තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාවක් නොමැති වුවද, ක්‍රීඩකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට දැඩි උණුසුම් කාලගුණයකට මුහුණ දීමට සිදුවනු ඇත.
අද දිනයේ කාලගුණ අනාවැකියේ විශේෂ කරුණු කිහිපයක් මෙසේය. අහමදාබාත් නගරයේ අහස ඉතා පැහැදිලිව පවතින අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගුජරාටයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35-40 අතර අගයක පවතින අතර ඉදිරි දින කිහිපය තුළ එය තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ. විශේෂයෙන්ම වෙරළබඩ කලාපවල උණුසුම් සහ අධික ආර්ද්‍රතාව සහිත කාලගුණයක් (Hot and Humid) පවතිනු ඇත.
මහාරාෂ්ට්‍රයේ අකෝලා ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 40.8ක වාර්තාගත උෂ්ණත්වයක් සටහන් වී ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ ඉන්දියාවේ ගිම්හාන උණුසුම වේලාසනින්ම ආරම්භ වී ඇති බවයි. වර්ෂාව පිළිබඳ බියක් නොමැති වුවද, අධික දාඩිය දැමීම සහ උණුසුම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය අද තරගයේදී තීරණාත්මක සාධකයක් වනු ඇත.














