මහරගම නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳසැල් පෙළක අද (08) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පැතිර යාම පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා ඒකකයට අයත් ගිනි නිවන රථ 04ක් මේ වන විටත් එම ස්ථානයට යොමු කර ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ද වාර්තා වී නොමැත. ගින්න නිවීමේ මෙහෙයුම් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ මහරගම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.













