“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 981 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය විසින් ආරම්භ කරන ලද විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම වැටලීම් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හෙරොයින්, අයිස් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන් මෙන්ම ඒවා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් ද සිටින බව වාර්තා වේ. මෙම මෙහෙයුම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් එක්ව කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් සෙවීම සඳහා මෙම මෙහෙයුම ඉදිරි දිනවලදී ද වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ සැලසුම් කර තිබේ.














