නවසීලන්තයේ නේපියර්හි පැවති පළමු පෙළ ක්‍රිකට් තරගයකදී අදහාගත නොහැකි දක්ෂතාවක් දක්වමින් පන්දු පහකින් පිට පිට කඩුලු පහක් දවා ගැනීමට මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායමේ බ්‍රෙට් රැන්ඩෙල් (Brett Randell) සමත් විය. උතුරු දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේදී ඔහු පිහිටුවූ මෙම නව වාර්තාව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු පෙළ තරගයකදී වාර්තා වූ දුර්ලභ ගණයේ ජයග්‍රහණයකි.
මෙම සුවිශේෂී කඩුලු දවා ගැනීම ආරම්භ වූයේ රැන්ඩෙල් විසින් ක්‍රියාත්මක කළ ඔහුගේ දෙවන පන්දුවාරයේ අවසන් පන්දුවෙනි. එහිදී ඔහු හෙන්රි කූපර්ගේ කඩුල්ල දවා ගත් අතර, ඉන් අනතුරුව තමාගේ තෙවන පන්දුවාරය යැවීමට පැමිණි ඔහු එහි මුල් පන්දු හතර තුළම තවත් කඩුලු හතරක් බිඳ හෙලීය. ඒ අනුව පන්දු පහක් තුළ පිට පිට කඩුලු 5ක් දවාගනිමින් ඔහු මෙම නව වාර්තාව තමා සතු කර ගත්තේය.














