ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පන්ජාබයේ ආම් ආද්මි පක්ෂ (AAP) රජය එරට කාන්තාවන් වෙනුවෙන් විශේෂ මූල්‍ය දීමනා ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ‘Mukh Mantri Mawan Dhian Satikar Yojana’ නමින් හැඳින්වෙන මෙම වැඩපිළිවෙළ යටතේ වයස අවුරුදු 18ට වැඩි සෑම කාන්තාවකටම මසකට රුපියල් 1,000ක මුදලක් ලබා දීමට නියමිත අතර අනුකූල කුල (Scheduled Caste) ප්‍රජාවට අයත් කාන්තාවන් සඳහා එම දීමනාව රුපියල් 1,500ක් දක්වා වැඩි කර ඇත.
මෙම නව අයවැය යෝජනාව පිළිබඳ තොරතුරු මෙසේය. පන්ජාබ් මුදල් අමාත්‍ය හරපාල් සිං චීමා (Harpal Singh Cheema) විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් ප්‍රාන්තයේ වැඩිහිටි කාන්තාවන්ගෙන් 97%ක් ආවරණය වන අතර එය ඉන්දියාවේ මෙවැනි සහනාධාරයක් යටතේ සිදුවන ඉහළම ආවරණය ලෙස සැලකේ. රජයේ ස්ථාවර රැකියාවල නිරත වන හෝ බදු ගෙවන්නන් නොවන සියලුම කාන්තාවන්ට මෙම දීමනාව හිමි වේ. විශේෂත්වය වන්නේ දැනටමත් මහලු දීමනා හෝ වැන්දඹු දීමනා ලබන කාන්තාවන්ට ද මෙම නව රුපියල් 1,000ක මුදල අමතරව ලබා ගැනීමට අවස්ථාව හිමි වීමයි.
පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයට වසරක් පමණ තිබියදී භගවන්ත් මාන් (Bhagwant Mann) ගේ රජය ගත් මෙම තීරණය එරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ. රුපියල් කෝටි 9,300ක ප්‍රතිපාදන වෙන් කර ඇති මෙම ව්‍යාපෘතිය හරහා කාන්තාවන්ගේ ආර්ථික නිදහස තහවුරු කිරීම රජයේ අරමුණ වී ඇත.














