පසුගිය රජයන් සූර්ය බලශක්තිය වැනි ස්වභාවික බලශක්ති ප්‍රභවයන් කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් වර්තමානයේදී රට තුළ බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් තිරසාර විසඳුම් කරා යාමට තිබූ අවස්ථා මගහැරීම නිසා ජනතාවට මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි. වත්මන් රජය මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙළ රැසක් සැලසුම් කර ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.














