දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 2.08ක් පමණ වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අදාළ යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදු කළ විමර්ශනවලදී එහි සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 103ක් සහ කොකේන් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. දකුණු මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා නාවික හමුදාව සහ බුද්ධි අංශ ඒකාබද්ධව සිදු කරන මෙහෙයුම්වල තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම හඳුන්වා දිය හැකිය.














